සරසවි ගැටලු විසඳන්න ඔම්බුඩ්ස්මන් මණ්ඩලයක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට අදාළ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා ඔම්බුඩ්ස්මන් මණ්ඩලයක් පිහිටුවීමට රජය සැලසුම් කරමින් සිටින බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී.

එම මණ්ඩලය මගින් විශ්වවිද්‍යාල සිසුන්ගේ ගැටලු, අනධ්‍යන සේවක ගැටලු, අධ්‍යයන කාර්ය මණ්ඩල ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන බවද අමාත්‍යවරයා මාධ්‍ය වෙත අද ප්‍රකාශ කළේය .

මෙම ඔම්බුඩ්ස්මන් මණ්ඩලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු විද්වතුන්ගෙන් සමන්විත වන බවද ඔහු පැවසීය

එමගින් විශ්වවිද්‍යාලවල මතුවන උද්ඝෝෂණ, විරෝධතා සහ වැඩවර්ජන ආදීඅද පහළ යනු ඇතැයිද ඔහු පැවසුවේ ය.