නවතම පුවත්

ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් ජනාධිපති අද ඉන්දියාවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දෙදින සංචාරයක් සඳහා අද (28) ඉන්දියාව බලා පිටත්ව යනවා. ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනාවකට අනුවයි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වන්නේ. ජනාධිපති ධුරයේ දිවුරුම්දීමෙන් පසු ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහභාගි වන පළමු විදේශ සංචාරයද මෙය වනවා.  මෙම සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා, ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි. ඉන්දීය සෙසු ප‍්‍රභූවරුන් කිහිප දෙනෙකුද හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා අපේක්‍ෂා කරනවා. ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආර්යසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල යන රාජ්‍ය නිලධාරීන්ද මෙම සංචාරයට එක්වීමට නියමිතයි. ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරද ධූත මණ්ඩලයට ඇතුළත් වන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා