පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රිවරුන්ට රජයෙන් ලබාදෙන නිදහස් තැපැල් ගාස්තුව දෙගුණයක් කර තිබේ.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට වසරකට රු. 1,75,000ක්ව පැවැති තැපැල් ගාස්තුව රු. 3,50,000ක් දක්වා ඉහළ දමා ඇත.
පළාත් සභා මන්ත්‍රිවරයකුට එම ගාස්තුව රු. 24,000ක්ව පැවැති අතර දැන් එය රු. 48,000ක් දක්වා ඉහළ දමා තිබේ.
ඒ පිළිබඳ ගැසට් පත්‍රය පසුගිය 15 වැනිදා නිකුත් කර ඇත්තේ මෙම නිවේදනය පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ය.
ප්‍රබෝධා හෙට්ටිආරච්චි
