දම්පත් රණසිංහ
නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන් සහ ලලිත් එස්. පතිනායක යන මහත්වරුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සිය නිර්දේශය ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ කර තිබේ.
මේ වනවිට ජාතික පොලිස් කොමිසම රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කරනු ලබයි.
නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් අධිකාරිවරුන්, පොලිස් ස්ථානාධිපතිවරුන් රැසක් ද ස්ථාන මාරු කිරීමට මෙලෙස නිර්දේශ කර ඇත.