නවතම පුවත්

සමාජ ජාලයේ කතාබහට ලක්වූ මංගල විදෙස් සංචාරෙට ජනපති ගිය හැටි

අසංක

අසංක

දම්පත් රණසිංහ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය මංගල විදෙස් සංචාරය සඳහා ඉන්දියාවට ගියේ සාමාන්‍ය ගුවන් මගියකු ලෙස සෙසු මගීන් සමග පොදු පර්‍යන්තයෙන් පිටත්ව මගී ගුවන් යානයකිනි.

මීට පෙර මෙරට සිටි සෑම ජනාධිපතිවරයකුම විශේෂ පර්‍යන්තයෙන් VVIP යානයකින් විශේෂ වරප්‍රසාදය භුක්ති විඳිමින් විදෙස් සංචාරවල නිරත වුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත්තේද සිය රථය හා ආරක්ෂක රථ දෙකකින් පමණි.

කිසිදු ස්ථානයක දී මාර්ගය වසා නොතබමින් සෙසු මගීන් මෙන්ම වාහන තදබදවලට පවා මුහුණදෙමින් හෙතෙම පැමිණීම බොහෝ ජනතාවගේ ප්‍රශංසාවට ලක්ව තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනාවක් අනුව ජනාධිපතිවරයා දෙදින නිල සංචාරයක් බලා මෙලෙස පිටත්ව ගියේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි