නවතම පුවත්

රෝයල් පාර්ක් ඝාතකයා රට ගිහින්! විදෙස්ගත වීම වළකා උසාවි නියෝගයක්

අසංක

අසංක

රෝයල්පාක් මිනීමැරුමට මරණීය දඬුවම් ලබා ජනාධිපති සමාව ලබා නිදහස් වූ  ජූඩ් ශ්‍රමන්ත ජයමාන්නට විදේශගත වීම වළක්වාලමින් ‍ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ මෙම පෙත්සම අද විභාගයට ගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිකුත් කරන ලද නියෝගයකට අනුවයි.

මරණීය දණ්ඩනය ලබා සිටින සිරකරුවන් දහසකට අධික පිරිසක් අතුරෙන් මෙම නඩුවට පාදක වන පුද්ගලයා පමණක් තෝරාගෙන සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව පැමිණිලි පාර්ශ්වයේ නීතිඥයා අධිකරණය වෙත කරුණු දැක්වීය.

ජයමහ නමැත්තා මේ වන විට විදේශගත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

විනිසුරු මඩුල්ල විසින් පෙත්සම නැවත දෙසැම්බර් මස 09 වනදා කැඳවීමට නියම කළේය.

ජයමහ නමැත්තා විදේශගතවීම වලක්වාලමින් ලබන 10 තෙක් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම වග උත්තරකරුවන් ලෙස නම් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.

කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !