ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ආසියානු සංවර්ධන බැංකුවේද මැදිහත්වීමෙන් රුපියල් බිලියන 8.9ක ආයෝජනයක් ලැබී තිබේ.
ඒ එම විශ්ව විද්‍යාලයේ අති නවීනතම පහසුකම්වලින් යුත් ඉංජිනේරු පීඨය කොට්ටාව ප‍්‍රදේශයේ පිහිටුවීම වෙනුවෙනි.
මෙම ආයෝජන ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට දෙපාර්ශ්වය විසින් පසුගියදා අත්සන් තැබිණ.
මේ අනුව කොට්ටාවේ පිහිටුවන ඉංජිනේරු පීඨය සදහා මුළු මුදල ආයෝජනය කරනු ලබන්නේ ආසියානු සංවර්ධන බැංකුව විිසිනි. අදියර දෙකක් යටතේ කි‍්‍රයාත්මක මෙම ව්‍යාපෘතිය ස
දහා මුල් අදියරේදී රුපියල් බිලියන 6.7ක් යෙදවීමට නියමිතය.
දෙවන අදියරේදී රුපියල් බිලියන 1.2ක් ව්‍යාපෘතිය සදහා යොදවනු ලබයි. රුපියල් බිලියනයක මුදලක් කොට්ටාවේ පිහිටි ඉඩම වෙනුවෙන් වෙන්කර දී ඇත්තේ 2019 අයවැය ප‍්‍රතිපාදන හරහා ය.
ව්‍යාපෘතියට වැයවන මුළු මුදල රුපියල් බිලියන 8.9කි.
මෙරට ප‍්‍රධානතම නව නිපැයුම් හා නවෝත්පාදන සපයන්නා ලෙස ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය පත්කිරීම වෙනුවෙන් නවීන තාක්ෂණික පහසුකම් මෙන්ම අධ්‍යයන කටයුතු වඩාත් පහසු කරලීමට වැඩිඉඩකඩක් සිසුන්ට ලබාදීම උදෙසා මෙම පීඨය කොට්ටාව ප‍්‍රදේශයේ පිහිටුවීමට තීරණය කළ බව උප කුලපති
මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ පිළිබ
ද ගිවිසුමට අත්සන් තබමින් පැවැසීය.
