දම්පත් රණසිංහ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවයේ නිරතව සිටි සහකාර පොලිස් අධිකාරි ඩී.එස්.තිසේරා මහතා වහාම ක්රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්ර බළකා මූලස්ථානය වෙත මාරුකර යවා තිබේ.
ලසන්ත වික්රමතුංග ඝාතනය, කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම ඇතුළු ආන්දෝලනාත්මක විමර්ශන රැසක් මෙහෙයවා තිබුණේ ඔහුය.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පති සී.ඩී.වික්රමරත්න මහතා විසින් මෙම ස්ථාන මාරුව ලබාදී තිබේ.