නවතම පුවත්

සජිත් ජනපතිගෙන් ඉල්ලන දේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ලබා දුන් ජන වරමට පිටු නොපා කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

මේ වනවිට සිදුවෙමින් පවතින ඇතැම් සිද්ධි සන්සුන් සමාජය බොහෝ සෙයින් භීතියට පත් කිරී මට හේතුවී ඇති බවද මෙම නිවේදනයේ දැක්වේ.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක පැහැරගෙන යෑමේ සිදුවීම මෙරට රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසය තුළ කලු පැල්ලමක් මෙන්ම ජාත්‍යන්තරව බලවත් අප්‍රසාදයක් අපේ රට කෙරෙහි එල්ල වන්නක් බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහි දක්වා ඇත.

ඔහු පවසන්නේ, කිර්තිමත්ම සහ දක්ෂ පොලිස් නිලධාරින් විශාල පිරිසකට එරෙහිව පළි ගැනීමේ රාජ්‍ය හස්තය එල්ල වී ඇති බවයි.

මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් වෙත ද දැනටමත් පීඩන එල්ල වී ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ, මෙම තත්ත්වය දිනාදුන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසටත් , තොරතුරු දැනගැනීමේ අයිතියටත් එරෙහිව රාජ්‍ය තන්ත්‍රය ක්‍රියාත්මක වීමක් ලෙසයි.

රට සුරක්ෂිත කිරීම , පළිගැනීමට තිතතැබීම , ආර්ථිකය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළින් ඔසවා තැබීමේ පොරොන්දුව මත ජනතාව ලබාදුන් ජනවරම පලුදු වන ලෙස කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ද එම නිවේදනයේ සඳහන් වේ.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !