ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රථම විදේශ චාරිකාව ලෙස ඉන්දියාවට පැමිණීම දෙරට අතර ඇති ඓතිහාසික සබඳතාවයේ නව ප්රවේශයක් සනිටුහන් කරන බව ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද් මහතා පවසා තිබේ.
රාෂ්ට්රපති භවන්හී දී ඊයේ පැවැත්වූ විශේෂ රාත්රී භෝජන සංග්රහයකදී ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ මේ බව පවසා ඇත.
දෙරට අතර දිගු කාලීන මිත්රත්වය දකුණු ආසියානු කලාපයේ ඉදිරි ගමනට ශක්තියක් වනු ඇති බව ද ඉන්දීය ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.