නවතම පුවත්

වලපනේ නාය යාමෙන් හෙට සාපෙළ ලියන්න සිටි සිසුවා තවමත් අතුරුදහන්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ (30) රාත්‍රි 7.30 ට පමණ වලපනේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගයේ මුන්වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට ඉහලින් වු පස් කන්දක් නාය යෑමත් සමග ප්‍රධාන මාර්ගයට පහලින් වු නිවසක් පස් කන්දට යට වී එම නිවසේ සිටි අඹුසැමි යුවලක් සහ දරුවන් දෙදෙනෙක් අතුරුදහන් වුණා.

වලපනේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ මෙම නායයාමෙන් අතුරුදන්ව සිටි තිදෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර නුවරඑළිය යුධ හමුදා කදවුරේ නිලධාරින්, පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව සිදු කළ මෙහෙයුමකදී අතුරුදහන්ව සිටි අඹු සැමි යුවල සහ ලබන වසරේ උසස්පෙළ විභාගයට පෙනි සිටීමට නියමිතව සිටි සිසුවියකගේ සිරුරු සොයා ගත්තා.

මෙලෙස සොයාගෙන ඇත්තේ තවදුරටත් අතුරුදන් වී සිටින දරුවාගේ ආච්චී, සීයා සහ සහෝදරියගේ මළසිරුරුයි. 

හෙට (02) පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙල විභාගයට පෙනි සිටින සිසුවාගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ.

නායයාමට ලක් වු නිවසේ පදිංචිකරුවන්ට මීට පෙර එම නිවසින් ඉවත් වන ලෙසට අපදා කළමණාකරන ඒකකය මගින් දැනුම් දීමක් සිදු කර තිබූ බවත් වාර්තා වුණා.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !