පැතුම් වික්‍රමරත්න
අයහපත් කාලගුණ තත්ත්වයක් ඇතිවුවහොත් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් ආසන්නතම විභාග මධ්‍යස්ථාන වෙත යොමු කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී.
මේ අනුව විභාග කොමසාරිස් ජෙනරාල් සනත්. බී. පුජිත මහතා සඳහන් කර සිටින්නේ , අයැදුම්කරුවෙකුට මෙවැනි යම් බාධාවක් පවතී නම් ගතයුතු උපදෙස් පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් දැනුවත් කර ඇති බවයි.
මෙවර විභාගය හෙට සිට ලබන 12 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.