දම්පත් රණසිංහ
ලක්ෂ 40කට අධික සංඛ්‍යාවක් සිටින මෙරට රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට පෙළපොත් රජයෙන් ලැබෙන්නේ නොමිලේ ය.
නමුත් මේ ඡායාරූපයෙන් දිස්වන්නේ මරදානේ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ පිහිටුවා ඇති අධ්‍යාපන ප්‍රකාශන ආයතනයේ අලෙවි මධ්‍යස්ථානය ඉදිරිපිට පැය ගණනක් තිස්සේ පෙළපොත් මිලට ගැනීමට සිටින සිසු දරුවන්ගේ මාපියන් ය.
සෑම දිනකම සියයකට අධික පෝලිමක් සිටින මෙම ස්ථානයේ මෙන්ම මහරගම හා අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ස්ථානවල ද මෙම තත්ත්වය පවතී.
මාපියන්ට මෙලෙස පෙළපොත් මිලට ගැනීමට සිදුව ඇත්තේ දරුවන්ට වාර්ෂිකව ලබාදෙන පෙළපොත් හරිහැටි නොදීම නිසා ඒවා මිලට ගැනීමට සිදුවීමය.