පැතුම් වික්‍රමරත්න
ශ්‍රී ලංකාව තුල බලය බෙදීම සම්භන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කල අදහස් ඇසීමෙන් තමා කම්පනයට පත්වූ බව ඉන්දියාවේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් හෙවත් ඩී එම් කේ පක්‍ෂයේ නායක එම් කේ ස්ටාලින් මහතා අවධාරණය කර සිටී.
ද්‍රවිඩ ජනතාව වෙත දේශපාලන බලතල බෙදා හැරීම ප්‍රමුඛ කරුණක් නොවන බවට දරි ලංකා ජනපති කර ඇති ප්‍රකාශය තම පක්ෂය කිසිසේත්ම පිළිනොගන්නා බවත් , ස්ටාලින් මහතා අද දින තමිල්නාඩුවේ චෙන්නායි හිදී පවතී මාධ්‍ය හමුවකදී අවධාරණය කර ඇත.
දහ තුන් වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂ මහතා එකඟ නොවීම පිළිබඳවද තමා දැඩි ලෙස කණගාටුවන බවත් ස්ටාලින් මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත .
ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් රැකදීම සඳහා මේ අවස්තේ ඉන්දීය රජය මැදිහත් විය යුතු බවද ඩී එම් කේ නායකයා සඳහන් කර ඇත.