ආහාර ඇසුරුම් සඳහා භාවිත කරන එතුම් කොළ හෙවත් ලන්ච් ෂීට් නිෂ්පාදකයන් හා වෙළෙඳුන් වෙත ලබන වසරේ ජුනි මස පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ පොලිතීන්වල තොරතුරු සහිතව එහි කවරයේ භාෂා ත්‍රිත්වයෙන්ම ලේබලයක් අඩංගු කළ යුතු බවට මෙම ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව සන්නාමය, උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය, නිෂ්පාදිත දිනය සහ ආයු කාලය, නිෂ්පාදනය සඳහා භාවිත කළ ද්‍රව්‍ය, එම ද්‍රව්‍ය ආහාර සඳහා භාවිතයට සුදුසු සහ කොම්පෝස්ට් කළ හැකිද යන්න සම්බන්ධයෙන් අදාළ ලේබලයේ සඳහන් කළයුතුය.
තවත් තොරතුරු ගණනාවක් කවරයේ සඳහන් කළ යුතු බව ගැසට් නිවේදනයේ දැක්වේ.