නවතම පුවත්

රාජිතටත් ලෙඩක්! – සුදුවෑන් ගෝනි බිල්ලා ගැන උසාවියටත් යයි

අසංක

අසංක

දම්පත් රණසිංහ

ජනාධිපතිවරණ සමයේදී හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා ගෙන ආ සුදුවෑන් ගෝනි බිල්ලෙක් මැවූ පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසිනි.

මූලික විමර්ශනවලින් හෙළිවී ඇත්තේ හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවට රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනා අපරාධකරුවන් බවය.

ඒ එක් අයෙක් අතුල සංජීව මදනායක නොහොත් උණ්ඩියල් අතුල නැමැති මංකොල්ලකරුවෙක් වන බවත් අනෙක් පුද්ගලයා ඇන්තනී ඩග්ලස් නමැත්තා බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තාමේන්තුව විසින් හෙළිකරගෙන තිබේ.

එම ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් සහ ඒ අය විසින් හෙළිකළ තොරතුරු පොලීසියට හෝ අධිකරණයට ඉදිරිපත් නොකීරීම ගැනද විමර්ශන අරඹා ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඒ ගැන කරුණු වාර්තා කර ඇත.

අදාල ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාලව සංස්කරණය නොකල දර්ශන ලබාදෙන ලෙස රූපවාහිනී මාධ්‍ය ආයතනවලට නියෝගයක් මෙහිදී අධිකරණය විසින් නිකුත් කර ඇත.

රජිත සේනාරත්න හිටපු ඇමතිවරයා විසින් මාධ්‍ය ඉදිරියට රැගෙන පැමිණි සැකකරුවන් දෙදෙනා මේ වන විට උන්හිටි තැන්වලින් අතුරුදන් බව ද වාර්තා වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා