පැතුම් වික්‍රමරත්න
විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව අවසන් විසදුම ලබාගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ලබන 05 දින පැවැත්වීමට එම පෙරමුණ සැලසුම් කර ඇත.
05 දින මෙලෙස එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වී විපක්ෂ නායකත්වය ලබාදිය යුත්තේ කාටද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බව එජාප ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද මාධ්‍ය වෙත පැවසීය
මෙම හමුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ