නවතම පුවත්

මෙරට ස්වේච්ඡා සේවය නංවන්න UN රජය සමඟ එක්වෙයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ස්වේච්ජා සේවය සම්භන්ධ මෙරට ජාතික ප්‍රතිපත්තිය ගොඩනැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ ස්වේච්ජා සේවා වැඩසටහන හා මෙරට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය එක්ව වැඩපිළිවෙලක් දියත්කර ඇත.

මෙලෙස ජාතික ප්‍රතිපත්තියක් ගොඩනැංවීම හරහා මෙරට සංවිධානාත්මක ස්වේච්ජා සේවාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම මෙන්ම බලමුළු ගැන්වීම හා සම්භාන්ධීකරණය කිරීම සඳහා ජාතික මට්ටමේ මැදිහත්වීමක් ලැබෙනු ඇති බව ජගත් සංවිධානය විශ්වාසය පළකර සිටී.

රටේ සංවර්ධනය උදෙසා ස්වේච්ජා සේවාවේ ඇති දායකත්වය හඳුනාගැනීමට විධිමත් රාමුවක් සකස්කර ගත් රටක් ලෙස මේ හරහා ශ්‍රී ලංකාවට ඉදිරියට ඒමට හැකියාව ලැබෙනු ඇති බවද ජගත් සංවිධානයේ ස්වේච්ජා සේවා වැඩසටහන සදහන් කර සිටී.

ලොව ඉහලම ස්වේච්ජා සේවා අනුපාතයට හිමිකම් කියනුයේ ශ්‍රී ලංකාව වන බව චැරිටිස් ඒ ඩ් පදනම විසින් පසුගිය ඔක්තෝබර් මස නිකුත් කල වර්ල්ඩ් ගිවින්ග් ඉන්ඩෙක්ස් නම් ජාත්‍යන්තර දර්ශකයේ දක්වා තිබිණ .

ඊට අනුව සෑම වසරකම ශ්‍රී ලාංකිකයින් 70000 ක් පමණ තම සේච්ජා සේවා සඳහා කාලය යොදවයි.

මෙම ජාතික ප්‍රතිපත්තිය ඉදිරියේදී ක්‍රියාවට නැංවීම සඳහා විශේෂ සැලැස්මක් සැකසීමටද එක්සත් ජාතීන්ගේ ස්වේච්ජා සේවා වැඩසටහන සැලසුම් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා