නවතම පුවත්

බැඳුම්කර වෝහාරික විගණන වාර්තා රහස්‍ය ලිපිගොනුවක් කෙරේ

අසංක

අසංක

මීළග කෝප් කමිටුව ස්ථාපනය කරන තෙක් මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද වෝහාරික විගණන වාර්තා රහස්‍ය වාර්තාවක් ලෙස කෝප් කමිටු ලේකම් කාර්‍යාලයේ තැබීමට පියවර ගෙන තිබේ.

හිටපු කෝප් කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කෝප් කමිටු ලේකම් කාර්‍යාලය වෙත අදාළ උපදෙස් දී ඇත.

මෙම වාර්තා කෝප් කමිටු සාමාජිකයන්ට පමණක් පරිහරණය කළ හැකිවේ.

එහෙත් ඒවා නීතිමය කටයුතු සදහා පමණක් භාවිත කළ යුතු බවට නීතිපතිවරයා උපදෙස් දී ඇත.

ඒ අනුවඑම වාර්තා රහස්‍ය ලෙස තබා ගැනීමට පියවර ගැනේ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබී තිබූ වෝහාරික ගිණුම් වාර්තා 05 ක් ලැබී තිබූ අතර එම වෝහාරික ගිණුම් වාර්තා කමිටු සාමාජිකයන් ද විවෘත කර නැත.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ජා කිරීම සදහා කෝප් කමිටුව අද කැදවා තිබුණි.

එහෙත් 03 වැනිදා මධ්‍යම රාත්‍රි සිට පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග රැස්වීම අවලංගු විය.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !