ලංකාවේ සයුරළ පකිස්ථානයේ වැඩ පෙන්වයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පකිස්ථානු නාවික හමුදාව දෙවසරකට වරක් පවත්වන අමාන් (AMAN 2019) නාවික අභ්‍යාසයට සහභාගී වු ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව එම අභ්‍යාසය ඉතා සාර්ථකව නිමාවට පත්කර තිබේ.

කොළඹ වරායෙන් පසුගිය පෙබරවාරි 02 වන දින පකිස්ථානය බලා දියත් වු සයුරළ පෙබරවාරි 08 වන දින සිට 14 වන දක්වා පකිස්ථානයේ කරච්චිහි දී අදාල පුහුණු අභ්‍යාසයට එක්විය.

රටවල් 44 ක නාවික හමුදාවන්වලට අයත් නෞකාවන් සහ ගුවන් යානා විශාල සංඛ්‍යාවක් මෙම අභ්‍යාසයට එක්වු අතර තොරතුරු හුවමාරුකර ගැනීම, අන්න්‍යෝන්‍ය අවබෝධය සහ සහභාගීත්වය, නාවික කටයුතු සඳහා පොදු අවශ්‍යතාවයන් හඳුනාගැනීම, සාගර ආරක්ෂක මෙහෙයුම්, ත්‍රස්ත විරෝධී මෙහෙයුම්, සෙවීම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් සහ මානුෂීය ආධාර මෙහෙයුම් ආදි වූ අභ්‍යාස රැසක් ඊට අතුලත්විය.

අබුඩාබි වෙරළට සේන්දු වු සයුරළ නෞකාව ලබන සිකුරාදා (22) අබුඩාබි වරායෙන් පිටත්ව 28 වැනිදා කොළඹට සේන්දුවීමට නියමිතවය.

රමේෂ් වරල්ලෙගම