නවතම පුවත්

දනන් එක්වී පතන – මවමු ලෝකය එකට

අසංක

අසංක

තනන්නට හෙට දවස
බිඳිමු වෙන් කරන වැට
දනන් එක් වී පතන
මවමු ලෝකය එකට

මේ දිනවල තාප්පවල සිතුවම්වලින් වර්ණවත් කිරීම අපූරු සමාජ රැල්ලක් බවට පරිවර්තනය වී ඇති මොහොතක සමාජ ජාලය තුළ සැරිසරන මේ ඡායාරූපයේ සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතායි. 2016 වසරේ දී සහෝදරත්වයේ දිනය දා බිත්තියක ඇඳි සිතුවමක් ඔහු මෙලෙස වර්ණ ගන්වමින් සිටියි.

ජනතා විමුක්ති පෙරමුණ යනු කවදත් මැතිවරණ ව්‍යාපාරය තුළ පවා වඩාත් ආකර්ෂණීයතම හා අපූර්වතම කලාත්මක නිර්මාණයන්ගෙන් පොහොසත්ම වේදිකාව තනන පක්ෂය බව ප්‍රකට වන්නේ අතීතයේ සිටම ය. ජවිපෙ වේදිකාව, රැළිවල ඡායාරූප පක්ෂ භේදයකින් තොරව හුවමාරු වන්නේ ඒ නිර්මාණ අගය කළ යුතු මට්ටමක මෙන්ම දක්ෂ කලාකරුවන්ගේ දෑතින්, සවියෙන් බිහිවන නිසාය.

එවැනි පසුබිමක් ඇති පක්ෂයක නායකයා මෙන්ම සෙසු දේශපාලකයන් ද කිසිදු භේදයකින් තොරව රටම අලංකාරවත් කිරීමේ මේ රැල්ලට දායකත්වය දක්වන්නේ නම් එය ද තරුණ තරුණියන්ගේ ධෛර්යය වඩවනු ඇත. මෙම ඡායාරූපය මේ දිනවල හුවමාරු වීමට පටන්ගෙන ඇත්තේ ජනතාවගේ ඒ පැතුම ඉඟි කරමිනි.

ඡායාරූපය උපුටා ගැනීම – පුබුදු ගිම්හාන සඳරුවන්

කොමෙන්ටුවක පළවූ කවිය – සුරන්ජන් කොස්වත්ත

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි