නවතම පුවත්

සාංචි මේලා නාමය ‘මහාබෝධි මහෝත්සවය’ ලෙස වෙනස් කෙරේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඉන්දීය, සාංචි චේතියගිරි විහාරස්ථානය කේන්ද්‍ර කොට පැවැත්වෙන සාංචි මේලා ආගමික මහෝත්සවය ඉදිරියේදී මහාබෝධි මහෝත්සවය ලෙස නම් කිරීමට ඉන්දීය මධ්‍යම රජය කටයුතු යොදා ඇත.

ඉන්දීය මධ්‍යම රජයේ විශේෂ යෝජනාවක් ලෙස මෙය මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුව වෙත දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් මාධ්‍ය වෙත පැවසූහ.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමය, ඉන්දියානු මධ්‍යම රජය හා මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුව එක්ව පසුගියදා මෙම ආගමික උත්සවය ඇති උත්කර්ෂවත් ලෙස පැවැත්වූ අතර වියට්නාමයේ බෞද්ධ භික්‍ෂූන් හා භික්‍ෂුණීන් වහන්සේ ඇතුළු සැදැහැවතුන්, ඉන්දීය භික්‍ෂූන් හා බෞද්ධයින් ලක්‍ෂ හතරකට අධික පිරිසක් ඊට එක්වූහ.

වාර්ෂිකව පැවැත්වෙන මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකාව ඇතුළු විදෙස් රටවලින් ද සැදැහැවතුන් එක්වූහ.

මෙම ආගමික උත්සවය සඳහා පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් සියලු පහසුකම් ලබාදුන් බව, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් පැවසූහ.

ආගමික උත්සවය අවසන් වීමෙන් අනතුරුව විදුලි ආලෝකකරණ හා සංස්කෘතික උත්සවයක් ද සංවිධාන කර තිබිණ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්