දම්පත් රණසිංහ
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහතා අද පත්කර තිබේ.
ඒ මහතා යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ අයෙකි.
2016 වසරේ දී ඔහු යුද හමුදා බුද්ධි අංශ ධුරයෙන් ඉවත් කොට මැලේසියාවේ තානාපති ආරක්ෂක සේවය සඳහා යවන ලදී.
එම සේවය අවසන් කර පැමිණි පසු ඔහු මෙලෙස පත්කර ඇත.
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් මූලස්ථානය වෙත අනුයුක්ත කර ඇත.