විපක්ෂ නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා තෝරාපත්කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කථානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
ඒ අද සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදි රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡාවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුවයි.
එහි දී තීන්දු වී තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරය සඳහා නම් කිරීමට ය.
එම ලිපිය පහත දැක්වේ.