පැතුම් වික්‍රමරත්න
ගම්මිරිස් , සියඹලා, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය කිරීම තහනම් කිරීමට , මුදල් අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
මේ පිලිබඳ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.
එම ගැසට් නිවේදනයට අනුව ආනයනය තහනම් වන සෙසු භෝග අතර කරුන්කා , සාදික්කා, වසාවාසි, ඉඟුරු, කරඳමුංගු, කහ සහ කරාඹුනැටි ද වේ.
එම ගැසට් නිවේදනය මගින් ඍජු ප්‍රතිඅපනයන සහ සුළු සැකසුම් කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීමේ අරමුණින් කුලු බඩු ආනයනය ද තහනම් කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, අදාළ කෘෂි නිෂ්පාදන වගා කරන ගොවීන්ට මේ හරහා ප්‍රතිලාභ හිමිවන බවය.