නවතම පුවත්

ඉන්දියානු පශූ වෛද්‍යවරිය අපහරණය කර මරා දැමූ සැකකරුවන්ට පොලිසිය වෙඩි පහරින් ඝාතනය වේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය නොවැම්බර් 27 වනදා හයිද්‍රාබාද් හිදී පශු වෛද්‍යවරියක් දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා එරට පොලිසිය විසින් අද අළුයම වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ එම සැකකරුවන් පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යාමට දැරූ උත්සහා කිරීමේදී බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

පසුගිය නොවැම්බර් 27 වෙනිදා සිය සේවා කටයුතු නිම කොට නිවෙස බලා යමින් සිටි ප්‍රියංකා රෙඩ්ඩි නම් මෙම පශු වෛද්‍යවරිය පැහැරගෙන ගොස් සමුහ දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරෙක් ඇතුළු සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම අපරාධය සිදුකළ ස්ථානයට අද (06) අළුයම් කාලයේදී පොලිසිය විසින් සැකකරුවන් සිව්දෙනා රැගෙනවිත් තිබෙනවා. ඒ ඔවුන් එම අපරාධය සිදුකළ අයුරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ගොනු කිරීමට අවශ්‍ය අපරාධය වූ ආකාරය ප්‍රති නිර්මාණය කර ගැනීමේ අරමුණින් යුතුවයි.

එහිදී මෙම සැකකරුවන් සිව්දෙනා පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යාමට උත්සහ දරා ඇති අතර එහිදී ඔවුන් පොලිසිය විසින් ඔවුන්ට වෙඩි තබා තිබෙනවා

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි