දම්පත් රණසිංහ
ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයකු වන සිංගප්පූරුවේ අධ්‍යයන කටයුතුවල නිරත මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමට අනුබද්ධ පොලිස් ඒකකය වෙත ඊයේ පැය 8ක කාලයක් ප්‍රකාශ ලබාදී තිබේ.
ඔහු මෙම ප්‍රකාශය ලබාදීම වෙනුවෙන්ම සිංගප්පූරුවේ සිට පැමිණ තිබුණි.
ලබන 10 වැනිදා කොමිසම ඉදිරියේ ද ඔහු සාක්ෂි ලබාදීමට අපේක්ෂා කරන අතර එහිදී විශේෂ කරුණක් සම්බන්ධයෙන් රහස් සාක්ෂියක් ලබාදීමට නියමිතය.