දම්පත් රණසිංහ
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලද බුද්ධි තොරතුරුවලට අනුව ක්‍රියාත්මක නොවී එම ප්‍රහාරයෙන් පසුව බුද්ධි තොරතුරුවලට අනුව ක්‍රියාත්මක වූ බවට ව්‍යාජ ලේඛන සකස් කරන ලද පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට උසස්වීම් සමග වැදගත් ප්‍රදේශ භාර පොලිස් ප්‍රධානීන් ලෙස පත්කර ඇතැයි හෙළිවී තිබේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ කොමිසමට මෙම තොරතුරු හෙළිව ඇතැයි වාර්තා වේ.
ඉතා පැහැදිලිව මේ වනවිට එම නිලධාරීන් කළ එම ක්‍රියාව අනාවරණය වී තිබියදී එම තනතුරු ආදිය පිරිනැමීම පිළිබඳ කොමිසමේ නිලධාරීන් විමතියට පත්ව ඇත.
ඉදිරියේදී එම පොලිස් නිලධාරීන් කොමිසම හමුවට කැඳවීමට නියමිතය.
එහිදී එම තොරතුරු රටටම හෙළිවනු ඇති බවත් කොමිසමේ සාමාජිකයන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී ද ව්‍යාජ ලේඛන සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ඇති බවත් වාර්තා වේ.