නවතම පුවත්

අද සිට දින 3ක් මහ වැසි – මිමී 200ත් පනින ලකුණු

අසංක

අසංක

දිවයිනට ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය අද සිට හෙට (9) සහ අනිද්දා (10) දිනවල වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඒ අනුව ඇතැම් ස්ථානවල මිලිමීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇතිවේ.

මඩකලපුව, අම්පාර, බදුල්ල, මොණරාගල, හම්බන්තොට, නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර මුලතිවු, වවුනියා සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

විශේෂයෙන්ම නැගෙනහිර, ඌව, උතුරු-මැද සහ උතුරු (අද රාත්‍රී සිට) පළාත්වල පවතින වැසි තත්ත්වය අද සිට තවදුරටත් වැඩි වේ යැයි අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලතැනින් තැන ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 200 පමණ ඉතා තද වර්ෂාපතනයන් ඇති විය හැක.

මධ්‍යම පළාතේ සහ අනුරාධපුර, හම්බන්තොට, මුලතිවු සහ වවුනියා දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. (100-150) පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.

වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. (75-100) පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි