නවතම පුවත්

දශක 3ක් රනිල් වාඩිවී සිටි කැලණිය විහාරයේ දායක සභාවේ සභාපති පුටුව දොස්තර සමන් වීරසිංහට

අසංක

අසංක

කැලණිය රජ මහ විහාරයේ දායක සභාවේ සභාපතිවරයා ලෙස දොස්තර සමන් වීරසිංහ මහතා පත්කර ගැනේ.

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ හිටපු සභාපතිවරයා වූයේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ය.

මාස 3කට පෙර ඔහු ඉන් ඉවත් කෙරුණි.

ජාත්‍යන්තර කටයුතු පිළිබද විශේෂඥයකු මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයකුවන වෛද්‍ය සමන් වීරසිංහ මහතා කැලණිය රජ මහා විහාරයේ දායක සභාවේ නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වසර 31 කටයුතු කළ එම ධුරයේ වීම සුවිශේෂී සිද්ධියකි.

නව සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා රුසියාවේ හිටපු තානාපතිධූරය මෙන්ම හිටපු ජනාධිපති ජාත්‍යන්තර කටයුතු උපදේශකයකු ලෙස කටයුතු කර ඇත.

රට පුරා වෙහෙර විහාර කරවමින් බුද්ධ ශාසනය වෙනුවෙන් කැපවී කටයුතු කරන වෛද්‍ය සමන් වීරසිංහ මහතා, වෛද්‍ය සමන් වීරසිංහ පදනම නමින් ප‍්‍රජා සත්කාරක සංවිධානයක් ආරම්භ කොට පවත්වා ගෙන යයි.

වෛද්‍ය සමන් කුමාර රන්ජිත් වීරසිංහ 1961 ඔක්තෝබර් 17 දා ගාල්ලේදී උපත ලැබීය.

ගාල්ල මහින්ද විද්‍යාලයේදී ප‍්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලැබූ හෙතෙම 1983 දී සෝවියට් රජයෙන් ලැබූ ශිෂ්‍යත්වයක් මත මොස්කව් රාජ්‍ය වෛද්‍ය විද්‍යායතනයට ඇතුළත්ව වෛද්‍ය විද්‍යාව හදාරා පළමු පන්තියේ සාමාර්ථයක් සහිතව ගෞරව වෛද්‍ය උපාධියක් (M.D. Hons) හිමිකර ගත්තේය.

මැක්සිම් හෝල්ඩින් ව්‍යාපාර සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය සමන් වීරසිංහ මහතා “මොස්ලංකා හෝල්ඩිංග්ස්” සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් මෙන්ම ශ්‍රී ලංකා–රුසියානු මිත‍්‍ර සංගමයේ අනුශාසයකු ලෙස කලක් තිස්සේ විවිධ තනතුරු හොබවා ඇත.

වර්ෂ 30ක පමණ කාලයක් ද්විපාර්ශ්වික හා ජාත්‍යන්තර වශයෙන් රාජ්‍ය, ආර්ථික, සංස්කෘතික, විද්‍යාත්මක, අධ්‍යාපනික, සමාජ, ක‍්‍රීඩා හා පුණ්‍ය කටයුතු මෙන් ම, මානව සුභ සාධනය ද අරභයා ඉටුකරන ලද කි‍්‍රයාශීලී දායකත්වය අගය කරමින් රුසියානු සමූහාණ්ඩුව විසින්, රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතාගේ නිර්දේශය මත, විදේශිකයෙකු වෙනුවෙන් පිරිනමනු ලබන ඉහළ ම සම්මානය වන ”රුසියානු සමූහාණ්ඩුවේ ගෞරව සම්මාන අණාඥාවක් ” මෙතුමා වෙත පිරිනමනු ලැබ තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා