පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් තමා පැහැරගත්තා යැයි ප්‍රකාශ කල ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරිනිය ඊයේ පස්වරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා.
මෙහිදි එම නිළධාරිනිය දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ තමන් සුදු වෑන් රථයකින් පැහැර ගත් බවයි මේ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරින් ඇයගෙන් ඇසු හරස් ප්‍රශ්න වලට ඇයට පිලිතුරු දීමට නොහැකිව වික්ෂිප්තව සිටි බවත් සදහන් වේ.
එසේම පසුගිය කාලයේ ඇය දැඩි අසාධ්‍ය තත්වයෙන් රෝගිව සිටි බව සදහන් කලද ඊයේ දිනයේදී ඇය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණයේ දෙපයින් ඇවිදගෙන වීමද විශේෂත්වයකි.
ඇයට ඇති අසනීප තත්වය සලකා ඇය ස්විස් දක්වා රැගෙන යාමට ගුවන් ගිලන් රථයක් ද සූදානම් කර තිබුණු අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබුණේ ඇය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි ඒ අනුව ඇය ඊයේ දිනයේදී පැමිණ තිබුණා.