නවතම පුවත්

විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාවට

අසංක

අසංක

විශ්ව රූ රැජිණ ලෙස දකුණු අප්‍රිකාවේ සෝසිබිනී ටූන්සි මෙවර ජයග්‍රහණය කර තිබේ.

ඒ, රටවල් 90 ක් නියෝජනය කරමින් ඉදිරිපත් වූ තරගකරුවන් පරාජය කරමිනි.

කලු පැහැති සමකින් සහ ගෙල දක්වා කැපූ කොට කොණ්ඩයකින් යුත් සෝසිබිනී, 26 හැවිරිදි වියේ පසුවෙයි.

ඇය, විශ්ව රූ රැජිණ ලෙස කිරුළු පැළඳීමට මොහොතකට පෙර කලු පැහැති සමක් සහිත කාන්තාවන් පිළිබඳ සමාජය දරන ආකල්පය දුරු කිරීමට අවශ්‍ය බව පවසමින් කාන්තාවන් දිරිගන්වන සුළු කතාවක් කළා ය.

ඒ, කලු සමක් සහ කොට කොණ්ඩයක් සහිත කාන්තාවන් සුන්දර යැයි නොසලකන සමාජයක හැදී වැඩුණු තමන්ට, අද එම ආකල්පවලට තිත තැබීමට අවශ්‍ය යැයි පවසමිනි.

68 වැනි විශ්ව රූ රැජිණ තරගයේ අවසන් මහා තරගය පැවැත්වුනේ අමෙරිකාවේ ඇට්ලැන්ටාහිදීයි.

මෙම තරගයේ දෙවන සහ තුන්වන ස්ථාන පෝටෝ රිකෝ සහ මෙක්සිකෝ රටවල තරගකාරියන් හිමි කර ගත්තාය.

ඉකුත් වසරේ විශ්ව රූ රැජිණ කිරුළ දිනාගත් පිලිපීනයේ කැත්‍රියෝනා ග්‍රේ, සෝසිබිනී ටූන්සිට විශ්ව රූ රැජිණ කිරුළ පැළඳවුවා ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්