ලන්ඩන් අධිකරණයකදී මහජන සාමය පනත උල්ලංඝනය කළේ යැයි පවුම් 2400ක දඩ මුදලකට යටත් කෙරුණු එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් ඉදිරි සියලු කටයුතු පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශය හා එක්ව ශ්‍රී ලංකා යුධ හමුදාව වගබලා ගන්නා බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු වෙනුවෙන් සහය දීමට ඉදිරිපත් වන සෑම දෙනාටම තමා ස්තූතිය පළකරන නමුත් ඔහුගේ සියලුම කටයුතු සම්බන්ධයෙන් මුළුමනින්ම ඉහත කී ලෙස පමණක් සිදුවනු ඇති බව හමුදාපතිවරයා ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’ වෙත අවධාරණය කළේය. “ඔහු වෙනුවෙන් සහය වීමට ආ සෑම දෙනාටන ස්තූතියි. එහෙත් අපි අපේ නිලධාරියා ගැන හැමදෙයක්ම වගබලා ගන්නවා” යැයි හමුදාපතිවරයා අවධාරණය කළේය.
දඩ මුදල ගෙවීම සඳහා එරට වෙසෙන ඇතැම් ලාංකිකයන් හා මෙරට ජනතාවට සූදානම් වුව ද එම නඩු කටයුත්තට අදාළ සියලු ගෙවීම් හෝ ඉදිරි කටයුතු ඇත්නම් යුධ හමුදාව හා විදේශ අමාත්‍යාංශය ඒකාබද්ධව පමණක් සිදුකරන බව හමුදාපතිවරයා පෙන්වා දෙයි.
මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය දිගින් දිගටම බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා තානාපති මුක්තියට යටත් බව පවසා සිටිය ද එසේ නොමැති බව පවසමින් ලන්ඩන් අධිකරණය මෙම දඬුවම පමුණුවා තිබුණි.