පැතුම් වික්‍රමරත්න
දුරකතන සඳහා ලබාදී ඇති බදු සහනය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේනම් ඒ පිළිබඳ වහා දැනුවත් කරන ලෙස විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව දුරකතන පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී
මෙම බදු සහනය දුරකතන බිල්පත්වල නිවැරදිව ඇතුලත්ව ඇතිද යන්න සොයා බලන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවද කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු අප වෙබ් අඩවියට පැවසීය .
සාමාන්‍ය දුරකතන ගාස්තු සඳහා මෙතෙක් අය කළ සියයට 37.7 බදු ප්‍රමාණයක් සියයට 22.6 දක්වා අඩු කර ඇති බවද ඔහු පැවසීය
අදාළ බදු සංශෝධන සිදු කළ බවට දුරකතන සේවා සමාගම් මේ වනවිට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කර ඇති බව ද ඔහු කියා සිටියේය .