නවතම පුවත්

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අදයි

අසංක

අසංක

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද විමසීම අදයි.

වසර 5 ක් තුළ එරට පැවැත්වෙන තෙවන මහ මැතිවරණය මෙයයි.

ඡන්ද මධ්‍යස්ථාන 650ක් එංගලන්තයේ, වේල්සයේ ස්කොට්ලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ පිහිටුවා තිබේ.

ඡන්ද විමසීමෙන් එරට පාර්ලිමේන්තුවට තෝරාගන්නා සභිකයින් ගණන 650 කි.

මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබන්නේ සරල බහුතර ඡන්ද ක්‍රමය භාවිතා කරමිනි.

යම් ඡන්ද කොට්ඨාශයේ අපේක්ෂකයෙකුට එක් වරක් ඡන්දය දෙන අතර වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා ප්‍රදේශයේ මන්ත්‍රීවරයා බවට පත්වේ.

අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් සහ කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් මෙවර මහ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ය.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති පසුබිමකදී මෙවර මැතිවරණය පැවැත්වේ.

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ප්‍රතිඵල හෙට පෙරවරුවේ නිකුත් කෙරෙනු ඇති.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්