නවතම පුවත්

නිශාන්ත සිල්වා ස්විස් පැන්නේ මිනිස් ඝාතන චෝදනාවකින් බේරෙන්න බව හෙළිවේ

අසංක

අසංක

  • ඔහුව අත්අඩංගුවට ගන්නැයි නීතිපතිත් නියෝග කරල
  • සී.අයි.ඩී. ලොක්කෝ නියෝගය යටගහගෙන ඉදල

සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට පළාගොස් ඇත්තේ මිනිස් ඝාතනයකට සැකපිට ඔහුව අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති පසුබිමක් හමුවේ එයින් බේරීමට බව හෙළිවෙමින් තිබේ.

නීතිපතිවරයා මාස තුනක් තිස්සේ ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට දැනුම් දී තිබියදීත් ඔහුව අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය අධිකාරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණේ නැත.

ඔහුව අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ සෙවනගල පදිංචිව සිටි ආමි සුරංග නැමැති පුද්ගලයෙක්ව පැහැරගෙන ගොස් කෙසෙල් යායකදී වෙඩි තබා ඝාතනය කිරීමක් සම්බන්ධයෙනි. එම ඝාතනය 2006 වසරේදී සිදුව ඇති බවත් එම ඝාතනයේ ඇසින් දුටු සාක්ෂියක් ඇති බවත් එම සාක්ෂිය මත නීතිපති ඔහුය අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දී තිබෙන බවත් ආරංචි මාර්ග අනාවරණය කළේය.

මිනිස් ඝාතනයකට අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ලබාදී තිබුණු නිශාන්ත සිල්වා එයින් බේරී ස්යිට්සර්ලන්තයට පනින්නේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට නොමග යවා බව හෙළිවී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්