නවතම පුවත්

රජයේ සේවකයන්ට මෙවර බෝනස්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ පූර්ණ වශයෙන් රජය සතු රාජ්‍ය සමාගම් වල සේවක මණ්ඩල වලට 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් අනුමත කර ඇත. මේ අනුව සියලු අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් සහ රජයේ සියලු ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය විසින් මේ සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ප්‍රසාද දීමනා ගෙවීමට සුදුසුකම් ලබන ආයතන එහි 2018 ගිණුම් වසරේ මූල්‍ය වාර්තා පදනම් කරගෙන පසුගිය වසරේ ලබාදුන් ආකාරයට සියලු කාර්ය මණ්ඩලය වෙත 2019 වසර සඳහා ප්‍රසාද දීමනා ගෙවන ලෙස වැඩිදුරටත්  උපදෙස් දී ඇත.

මේ සඳහා 2018 දෙසැම්බර් මස 07 වන දින නිකුත් කරන ලද රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අංක 03/2018 යන චක්‍රලේඛය අදාළ පරිදි වලංගු වේ.

තම ආයතන වලට අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර නොමැති අවස්ථාවක වුවද අදාළ රාජ්‍ය ආයතන වෙතින් ගෙවිය යුතු සියළු ව්‍යවස්ථාපිත ගෙවීම් සිදුකිරීමට යටත්ව 2019 වසරේ ප්‍රසාද දීමනා ගෙවීමට අවසරය හිමිවේ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි