නවතම පුවත්

සුදුවෑන් රියදුරන් අත්අඩංගුවට – රාජිතගේ කුමන්ත්‍රණයත් හෙළිකරයි

අසංක

අසංක

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී සුදුවෑන් රියදුරන් බව පවසමින් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා විසින් ව්‍යාජ රැවුල් දමා මාධ්‍ය හමුවට ගෙන ආ පුද්ගලයන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අවන්හලක දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ රාත්‍රි මහර කඩවත පාරේ අවන්හලක දී මොවුන් රැඳී සිටියදීය.

මොවුන් දෙදෙනා ලෝක හොරුන් දෙදෙනෙකු බවත් එක් අයෙක් බැංකු කොල්ලකෑම් ඇතුළු කොල්ලකෑම් 12කට සම්බන්ධ බවට අනාවරණය වී ඇත.

සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් දිගින් දිගටම ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ අප විසින් තොරතුරු අනාවරණය කළේය.

මූලික ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් අනාවරණය කර ඇත්තේ රාජිත සේනාරත්න මහතාගේ කීමට තමන් මාධ්‍ය හමුවට පැමිණි බවයි.

තමන්ට එරෙහිව ඇති අපරාධ චෝදනාවලින් නිදහස් කරන බවට රාජිත සේනාරත්න මහතා පොරොන්දු වීම නිසා මාධ්‍ය හමුවට පැමිණි බව ඔවුන් අනාවරණය කළ බව රහස් පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්