පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කළ ජනපති කොමිසමේ අතුරු වාර්තාව ඉදිරි දෙදින ඇතුලත නිකුත්කිරීමට නියමිතය.
ඒ අනුව එම අතුරු වාර්තාව ලබන බ්‍රහස්පතින්දාට පෙර ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවද කොමිසමේ ලේකම් එච්. එම්. බී. පී. හේරත් මහතා අප වෙත පැවසීය.
කොමිසම විසින්පාස්කු ප්‍රහාරයට අදාළව මේ වන විට පුද්ගලයින් 35 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර මේ සඳහා මහජන පැමිණිලි 65 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇත.