නවතම පුවත්

සොෆ්ට්ලොජික් ප්‍රධානියා ශ්‍රී ලන්කන් මහ පුටුවට

අසංක

අසංක

සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාර සභාපති අශෝක් පතිරගේ මහතා ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින ව්‍යාපාරිකයකු ලෙස සැළකෙන අශෝක් පතිරගේ මහතා මෙරට ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක් ඉහළම ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමම දැනට පාඩුලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය ගොඩගැනීමේ කාර්‍ය මැනවින් ඉටුකරනු ඇතැයි යන අපේක්ෂාවෙන් මෙම තනතුර ඔහුට පිරිනමා ඇත.

මෙරට සිල්ලර, සෞඛ්‍ය, මූල්‍ය, තාක්ෂණ, විනෝදාත්මක මෙන්ම මෝටර් රථ ක්ෂේත්‍ර ආවරණය කරමින් පුළුල් ලෙස පැතිරී තිබෙන ව්‍යාපාරයක් ලෙස සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරය හැඳින්විය හැකිය.

මෙරට විශාලතම පෞද්ගලික හිමිකාරිත්වය දරන රෝහල් ජාලය වන්නේ සොෆ්ට්ලොජික් ආසිරි රෝහල් ජාලයයි.

එමෙන්ම මෙරට භාණ්ඩ අලෙවි ක්ෂේත්‍රයේ වැඩිම දේශීය හා විදේශීය සන්නාම අලෙවි ව්‍යාපාර සමූහය වන්නේද සොෆ්ට්ලොජික් ය.

2019 වසර වනවිට ශ්‍රී ලංකන් ගුවන් සමාගම බිලියන 41.7ක පාඩුවක් සමග තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

දිගින් දිගටම ශ්‍රී ලංකන් පාඩු ලැබීම සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපති කොමිසමක් මගින් ද විමර්ශන ක්‍රියාත්මක වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්