වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට එරෙහි නඩුවට අදාළව අලුතින් පත්කරන ලද විමර්ශන කණ්ඩායම චෝදනා විභාගය වෙනුවෙන් අද කුරුණෑගලට ගොස් තිබේ.
මව්වරුන් වඳභාවයට පත්කළැයි එල්ලවූ චෝදනා හේතුවෙන් ප්‍රසව හා නාරි වෛද්‍යවරයකු වූ ෂාෆි සහබ්දීන්ට එරෙහිව නඩු විභාගය වෙනුවෙන් අලුතින් විමර්ශන සිදුකිරීම සඳහා මෙම කණ්ඩායම ගොස් ඇත.
සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ මෙම කණ්ඩායම පරීක්ෂණ සිදුකරයි.
එහිදී අවශ්‍ය වුවහොත් අලුතින් සාක්ෂි විමසීමට ද ඉඩකඩ ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා අධිකරණය වෙත දන්වා සිටියේය.