මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් නියමිත පටිපාටියකින් තොරව හිටපු විෂයභාර අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කර සිටී.
මේ හේතුවෙන්මධ්යම සංස්කෘතික අරමුදල මේ වන විට දැරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බවද සංස්කෘතික ආමාත්‍යාංශ නිලධාරීන් හා පැවැති හමුවකින් අනතුරුව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත.
මහජන මුදල් ජනපතිවරණ සමයේදී තම ප්‍රතිරූපය ඉහළ නැංවීම වෙනුවෙන් ඔහු භාවිත කර ඇත්දැයි යන්න පිළිබඳව ගැටලුවක් ඇති බවද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත