සමාජ මාධ්‍ය පාලනයට නව නීති ගෙන ආ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කර ඇති ප්‍රකාශය සම්භන්ධව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විරෝධය පළකර සිටී.
පසුගිය ජනාධිපතිවරණයට සමාජ මාධ්‍ය මගින් සැළකිය හැකි අන්දමින් බලපෑම් කොට ඇති බැවින් මෙසේ නව නීති ගෙන ආ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා ඇතැයි ද එය මැතිවරණ කොමිසමේ නොහැකියාව පෙන්නුම් කිරීමක් යැයි ද එම නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කර ඇත.
සමාජ මාධ්‍ය පාලනයට නව නීති අවශ්‍ය නැතැයි ද පවතින නීති සමාජ මාධ්‍ය වෙත ආදේශ කරගත හැකි යැයි ද සිදුවිය යුත්තේ සමාජ මාධ්‍ය නිවැරදි ආකාරයෙන් භාවිතා කරන අකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීම යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.