දූෂණ විරෝධී බලකායේ අධ්යක්ෂ නාමල් කුමාර ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අද හෙට්ටිපොල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
හෙට්ටිපොල ප්රදේශයේ ඇති වූ කළහකාරී සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මොහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව රැඳවුම් නියෝග යටතේ ඔහුව මාස 7කට ආසන්න කාලයක් රඳවාගෙන පරීක්ෂණ සිදු කරමින් සිටියි.