අත්අඩංගුවට ගත් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගයකට අනුවයි.
පාඨලී අධිකරණයට
අත්අඩංගුවට ගැනුණු පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මේ වනවිට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් නීතිමය කටයුතු සිදුකෙරේ.
පාඨලී අත්අඩංගුවට
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මීට වසරකට පමණ පෙර රාජගිරියේ දී සංදීප් සම්පත් නමැති තරුණයා අනතුරකට ලක්කිරීමේ සිද්ධියට අදාළවයි.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව පොලිසිය විසින් මීට ටික වේලාවකට පෙර මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.
ජයන්තිපුර පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේදී අත්අඩංගුවට ගැනීම කර තිබේ