හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා තෙකයළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය අද (19) නියෝග කර ඇත.
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අද (19) පෙරවරුවේ රැගෙන ආවේය.
හිටපු අමාත්‍යවරයා ඊයේ (18) රාත්‍රීයේදී ඔහුගේ නිවසේදී කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (19) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබිණි.