කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් ගිලාබැසීමේ තර්ජනයකට ලක්ව ඇතැයි ‘ද කලම්බෝ එක්ස්ප්රස්’ වෙත අනාවරණය වෙයි.
මහබාගේ සහ කෙලවරපිටිය පිටවුම අතර කොටස මෙම ගිලාබැසීමේ තර්ජනයට ලක්ව තිබේ.
මෙම ගිලාබැසීමට හේතුව අනාවරණය කරගැනීම සඳහා කටුනායක මාර්ගයේ චීන කොන්ත්රාත් සමාගම මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මාර්ගයේ කොළඹ සිට කටුනායක දෙසට ගමන් කරන මංතීරුව අයිනේ විශේෂ උපකරණ මගින් පොළවේ කළුගල දක්වා පස් සාම්පල ලබාගනිමින් සිටියි.
එම පස් සාම්පල චීනයේ රසායනාගාරයක් වෙත යොමුකොට එම ගිලාබැසීමේ හේතුව අනාවරණය කරගනිමින් ඉදිරි පියවර ගැනීමට නියමිතය.