රට පුරා රාජකාරී කටයුතු වෙනුවෙන් ත්රිවිධ හමුදා සාමාජිකයන් කැඳවීමට අදාළ නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයි දිවයිනේ සියලුම දිස්ත්රික්කවලට කැඳවීම බලාත්මක කරමින් මෙම ගැසට් නිවේදනය ප්රකාශිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අද දිනසිට ක්රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
පාස්කු ඉරුදින ප්රහාරයෙන් අනතුරුව පණවන ලද හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසු මහජන ආරක්ෂා අඥාපනත යටතේ ජනාධිපතිවරයා විසින් මහජන සාමය පවත්වාගෙන යාම සඳහා යුද, නාවික සහ ගුවන් හමුදා කැඳවීම සිදුකළේය.
ඒ අනුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා පරිපාලන දිස්ත්රික්ක 25ම ආවරණය වන පරිදි සන්නද්ධ හමුදා සාමාජිකයින් කැඳවීම අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් පියවර ගෙන තිබේ.