පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ රුපියල් 25000ක ඇපයක් හා රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ ශරීර ඇප 2ක් මතයි.
2016 රාජගිරියේ දී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් මන්ත්රීවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
මේ අතර මන්ත්රීවරයාගේ රියදුරා අධිකරණය වෙත භාරවී තිබේ.
තුසිත කුමාර නමැති ඔහු ලබන 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.