නවතම පුවත්

ඩෙංගු මඩින්න ඕස්ට්‍රේලියාවෙන් ‘වෝල්බැකියා’ එයි

අසංක

අසංක

එන්.කේ.චන්ද්‍රප්‍රිය


ඩෙංගු රෝගය මර්ධනය කිරීම සඳහා විශේෂ ක‍්‍රමවේදයක් ශී‍්‍ර ලංකාවට හදුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

වොල්බැකියා නැමැති බැක්ටීරියාවක් මේ සඳහා යොදා ගැනීමට නියමිත අතර, ඒ යටතේ සිදුවන්නේ වොල්බැකියා බැක්ටීරියාව සහිත මදුරුවන් පරිසරයට මුදා හැරීමයි.

මෙම බැක්ටීරියාව සහිත මදුරුවන් තුළ ඩෙංගු වෛරසයට වර්ධනය නොවන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර පැවැසීය.

2011 වසරේ සිට මෙම බැක්ටීරියාව ඕස්ටේ‍්‍රලියාව විසින් සාර්ථකව අත්හදා බලා තිබේ.

එමෙන්ම පසුව මෙම බැක්ටීරියාව යොදා ගත් තවත් රටවල් ගණනාවක් සාර්ථක ප‍්‍රතිපල උදා කර ගැනීමට සමත්ව ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර පැවැසීය.

මෙම තත්ත්වයන් පිළිබඳ පුළුල් අවදානයක් යොමු කරමින් වොල්බැකියා බැක්ටීරියාව ශී‍්‍ර ලංකාවේ ඩෙංගු මර්ධන කි‍්‍රයාවලිය සඳහා යොදා ගැනීමට තීරණය කළ බවත්, එම කටයුතු ලබන වසරේ පෙබරවාරි සිට ආරම්භ කරන බවත් අරුණ ජයසේකර කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ වෛද්‍ය අරුණ ජයසේකර මෙසේද පැවැසීය.

“වොල්බැකියා බැක්ටීරියාව ඕස්ටේ‍්‍රලියාවෙන් ගෙන්වන්න සිදු වෙනවා. එහෙම ගේන එම බැක්ටීරියාව අපි මදුරුවන්ට ශරීරගත කර, ඔවුන් පරිසරයට මුදා හැරිය යුතුයි. ඒ තුළ තව තවත් මදුරුවන්ට මෙම බැක්ටීරියාව ශරීර ගත කරන්න පුළුවන්. එමඟින් සිදුවන්නේ මෙම බැක්ටීරිවාය ආදේශිත මදුරුවන් තුළ ඩෙංගු වෛරසයට කිසිදු ඉඩක් ලැබෙන්නේ නෑ. තවත් ආකාරයකින් ඩෙංගු වෛරසය නොමැති මදුරුවන් ඒ තුළ බිහිවීමක් ලෙසත් මෙම කි‍්‍රයාවලිය හදුන්වන්න පුළුවන්. ඒ වගේම වොල්බැකියා බැක්ටීරියාව සහිත වූ මදුරුවන් මඟින් කිසිවෙකු වෙත ඩෙංගු බෝ වෙන්නේ නෑ. මෙය ඉතා වැදගත් සොයා ගැනීමක්. වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණවල හොද සොයා ගැනීමක්.

මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් ඩෙංගු මර්ධනය සඳහා මෙතරම් මහන්සි වීමටත්, විශාල වශයෙන් මුදල් වැය කිරීමටත් සිදු වන්නේ නෑ. ” යනුවෙන්ද වෛද්‍ය අරුණ ජයසේකර කරුණු පැහැදිලි කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා